ළමුන් 100ට අඩු පාසල් විවෘත කිරීමට අවධානය

2025 අප්‍රේල් මස 07 ප.ව. 07:50 - {{hitsCtrl.values.hits}}  

ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජූලි මාසය තුළ විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

ඒ සඳහා ගුරුවරුන්ට එන්නත් ලබාදීම පළමු ව සිදුකිරීම අනිවාර්ය බව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී අවධාරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

මෙරට තුළ ළමුන් 50ට අඩු පාසල් 1,439ක් සහ ළමුන්  51 - 100 දක්වා පාසල් 1‍,523ක් ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.

පළමුවෙන් එම පාසල් ආරම්භ කර පසුව අනෙකුත් පාසල් ද නිසි සැලසුමකට අනුව විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...