අඩුපහසුකම් සහිත සිසුන්ට චීනයෙන් මුහුණු ආවරණ 125000ක්

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 07:30 - {{hitsCtrl.values.hits}}  

දිවයින පුරා අඩුපහසුකම් සහිත පාසල් සිසුන්ට බෙදා දීම සඳහා මුහුණු ආවරණ 125000ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පරිත්‍යාග කළේය.

පාසැල් නැවත විවෘත කිරීමෙන් පසු මෙම මුහුණු ආවරණ බෙදාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීම ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා විසින් ප්‍රධනය කළේය.

COVID-19 වසංගතයට එරෙහි සටනේදී චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහයෝගය දක්වන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා මෙම කාලෝචිත පරිත්‍යාගය බෙහෙවින් අගය කළ අතර නැවත පැමිණෙන සිසුන්ට එය බෙහෙවින් උපකාරී වනු ඇතැයි පැවසීය.

චීනයෙන් පරිත්‍යාග කරන ලද විශාලතම වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. පරීක්ෂණ කට්ටල 70 දහසකට වැඩි ප්‍රමාණයක් සහ තවත් මුහුණු ආවරණ, ඇස් ආවරණ ඇතුළුවිශාල තොගයක් චීනය මෙසේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...