අතථ්‍ය මුදල් භාවිතය ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

2025 ජනවාරි මස 11 පෙ.ව. 11:59 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව තුළ අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු අතථ්‍ය  මුදල් (Virtual Currencies) සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට බලපත්‍ර ලබාදීමක් හෝ බලය පැවැරීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර නොමැති බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම කිසිඳු ආයතනයකට මූලික කාසි අර්පණයක් සඳහා බලය පැවැරීමක් කර නොමැති බවද මහ බැංකුව සඳහන් කරයි.

එසේම මෙම අප්‍රකාශිත විද්‍යුත් මුදල් භාවිත කිරීම හරහා පාරිභෝගිකයන්ට මෙන්ම රටෙහි ආර්ථිකයට මූල්‍යමය, මෙහෙයුම්, නීතිමය, පාරිභෝගික සුරක්ෂිතතාව හා ආරක්ෂාව යන අංශවලින් සැලකිය යුතු අවධානමක් ඇතිකරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

1 2tag-reuters-2

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...