අධ්‍යාපන පරිපාලන සේවයට 198ක් බඳවා ගැනෙති

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:57 - {{hitsCtrl.values.hits}}  

වසරක සේවාරම්භක පුහුණුවක් ද සමගින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියට නවක නිලධාරීන් 198 දෙනෙකු බඳවාගැනීම ඊයේ (16දා) සිදුවිය.

මෙම නවක පත්විම්ලාභීන් 2017.01.17 දින සිට මාස 12 ක සේවාරම්භක පුහුණු වැඩසටහන සඳහා  මහරගම, ව්‍යවසායකත්ව කළමනාකරණ අධ්‍යාපන විද්‍යාපීඨයට යොමු කෙරේ.

ඉන්පසුව දිවයින පුරා පිහිටි පළාත් අධ්‍යාපන කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල සහ  ජාතික පාසල්වල පවතින පුරප්පාඩු අනුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරු, විෂයය අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරු වශයෙන් මෙම නිලධාරින් ස්ථාන ගත කරනු ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (1) unnamed (2) unnamed

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...