අධ්‍යාපන සුරක්ෂණ සේවාවට කැබිනට් අනුමැතිය

2025 අප්‍රේල් මස 22 ප.ව. 10:16 - {{hitsCtrl.values.hits}}  

සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව (Quality assurance)  සහ පිළිගැනීමේ (accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ  සේවාව නමින් ස්වාධීන ආයතනයක් පිහිටු විමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාවෙහි මූලික පරමාර්ථය වන්නේ, සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම හා පාසල් ක්ෂේත්‍රයේ අධ්‍යාපන ඇගයීම් සංචිතයක් ප්‍රවර්ධනය කිරීමයි.

දැනට අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාත්මක පාසල් අධීක්ෂණය හා ගුණාත්මක කටයුතු සොයා බැලෙන අධ්‍යාපන ගුණාත්මක හා ප්‍රගති ඒකකයේ දිගුවක් ලෙසට මෙම අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව ක්‍රියාත්මක ‍කෙරෙන අතර, වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් සහිත ව ඉදිරියේ දී මෙම ක්‍රියාවලිය සවිබල ගැන්වීම මෙහි අරමුණයි.

රාජ්‍ය හා රාජ්‍ය නොවන පාසල්, පිරිවෙන්, පෙර පාසල් හා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල, ගුරු මධ්‍යස්ථාන, කලාප අධ්‍යාපන කාර්යාල, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන  අමාත්‍යාංශය ඇතුළු සියලුම විධිමත් අධ්‍යාපන අංශයන්හි අධ්‍යාපනයේ ගුණාත්මකභාවය විගණනය කිරිමේ  වගකීම මෙම අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව වෙත පැවරේ.  

කොමසාරිස් ජනරාල්වරයෙකුගේ  පාලනය යටතේ පිහිටුවීමට නියමිත මෙම සුපරීක්ෂණ සේවාව ජාතික මට්ටමේ ප්‍රධාන කාර්යාලයකින් හා පළාත් මට්ටමේ ප්‍රාදේශීය කාර්යාලවලින්ද සමන්විත වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...