අධිවේගී මාර්ග කොටස් තුනක් ජනතා අයිතියට

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 02:58 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ජාලයේ කොටස් තුනක් හෙට (08දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වා කිලෝමීටර් 21.8ක්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට හම්බන්න්තොට දක්වා කිලෝමීටර් 16.6ක් හා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත - කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.6 ක් මෙසේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

මේ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගය (E-03), දක්ෂිණ අධිවේගී මාර්ගය (E-01), කෙරවලපිටිය අන්තර්හුවමාරුවේදී පිටත වටරවුම් මාර්ගය  (E-02) මගින් සම්බන්ධ වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම සම්බන්ධවීමත් සමග දැනට අයකරන ගාස්තු ක්‍රමය සංශෝධනයට ලක්වන බවද එම අධිකාරිය පවසයි.

එසේම නැවත දැනුම් දෙනතුරු කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ ක්‍රියාත්මක නොවන බවද අධිකාරිය වැඩිදුරටත් පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...