අනුරාධපුර උච්චාවාලික විහාරයෙන් පැරණි කාසි සහිත මැටි බඳුනක්

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 05:50 - {{hitsCtrl.values.hits}}  

අනුරාධපුර උච්චාවාලික රජමහ විහාරයේ සිදු කරන ලද කැණීම් හා සංරක්‍ෂණ කටයුතුවලදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ කිහිපයක් හමු වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රතු පැහැති මැටි බඳුනක් තුළ  තිබූ විවිධ සංකේත සහිත කාසි 325 ක් හා රෙදි කැබලි කිහිබයක් මෙසේ සොයා ගත් දෑ අතර වන බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඡේතවන ව්‍යාපෘතිය මගින් කැණීම් සිදු කරන අතර පුරාවස්තු සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදුවෙමින් පවතින බවත් අමාත්‍යාංශය  පවසයි.

උත්තිය රජ දවස ඉදි කළ බවට විශ්වාස කෙරෙන මෙම විහාරයේ ගරාවැටුණු ස්තූපයක්, ආසන ඝරයක් හා ටැම්පිට විහාරස්ථානයකට අයත් බවට අනුමාන කළ හැකි ගල් කණු සහිත ස්මාරක දක්නට ලැබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...