අනුලාවේ සිනලි රුවන්යා තුෂ්මිණිට කේරල ක්ලින්ට් අන්තර් ජාතික සම්මානයක්

2025 ජනවාරි මස 23 ප.ව. 12:17 - {{hitsCtrl.values.hits}}  

කේරලයේ සංචාරක දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ක්ලින්ට් අන්තර් ජාතික අනුස්මණ ළමා චිත්‍ර තරගාවලියෙන් ජය ලබා සම්මාන ලැබීමට නුගේගොඩ අනුලා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිනලි රුවන්යා තුෂ්මිණි පීරිස් සිසුවිය සමත්විය. සම්මාන ප්‍රදානය 27 වැනිදා කේරල සංචාරක දෙපාර්තමේන්තුවේදි පැවැත්විණි.  තුස්මිණි සිසුවිය සමග සම්මාන ලැබීමට ලාංකික සිසුවියන් වන සේසාලි චනුදිමා කාරියවසම්, තනුමි ද සිල්වා, එසේලි රණවක සිසුවියන් ද සමත් විය.  තුෂ්මිණි අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශ ශිෂ්‍ය නායිකාව ද වන අතර ගායනයටද  විශේෂ දෂ්කම් දක්වන ඇය විජය ළමා පුවත්පතේ යාව ජීව සමාජිකාවකි. මීට පෙරද ඇය අන්තර්ජාතික හා ජාතික සිතුවම් තරගවලින් සමස්ත ලංකා ජය ලබා තිබේ.

සබැඳි පුවත්- 
නුගේගොඩ අනුලා විද්‍යාලයේ තුෂ්මිණි ක්ලින්ට් අන්තර්ජාතික සිතුවම් සම්මාන ප්‍රදානයට කේරලයට යයි

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...