අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියටත් ස්ථාන මාරුවක්

2025 ජනවාරි මස 11 පෙ.ව. 01:19 - {{hitsCtrl.values.hits}}  

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරිය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එම විද්‍යාලය සම්බන්ධයෙන් පැවති මූලික විමර්ශනයේ නිර්දේශයන්ට අනුකූලව එය සිදු කර තිබෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ආවරණ අනුමැතියට ද යටත් ව වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම අනුයුක්ත කිරීම සිදු කර තිබේ.

පරිපාලන ගැටලු, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ආදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මුල්කරගනිමින් අදාළ මූලික විමර්ශනය පවත්වා තිබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

(රජයේ නිල පුවත් සේවය)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...