අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනරය 25 දා එයි

2025 ජනවාරි මස 11 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}  

ජනතා මුදලින් මහරගම අපේක්‍ෂා රෝහල වෙනුවෙන් මිලදීගත් පෙට් ස්කෑනරය මේ මස 25 වැනිදා මෙරටට ගෙන ඒමට සූදානම් බවත්, මාර්තු මාසයේ සිට එය රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් වෙන්කරන බවත් ෆයිට කැන්සර් කණ්ඩායමේ නායක, කඩීජා පදනමේ සභාපති එම්.එස්.එච්. මොහොමඩ් මහතා පවසයි.

ජර්මනියේ නිෂ්පාදිත මෙම පෙට් ස්කෑනරයේ වටිනාකම කෝටි 22ක් පමණ වෙන බවත්, එය ලෝකයේ දැනට ඇති හොඳම පෙට් ස්කෑනරය බවත් ඔහු සඳහන් කළේය.

මේ සඳහා වන එෆ්.ඩී.ජී. එන්නත සිංගප්පූරුවෙන් හෝ ඉන්දුනීසියාවෙන් ගෙන්වීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

“මෙම යන්ත්‍රය ස්ථාපිත කිරීමට අපි මහරගම අපේක්‍ෂා රෝහලේ වෙනම ගොඩනැගිල්ලක් ඉදිකරනවා. එය පරමාණුක බලශක්ති අධිකාරියේ නිර්දේශවලට අනුව සිදුවෙනවා. එහි ඉදිකිරීම් 90%ක් පමණ අවසන්. ඒ වගේම මෙහි පුහුණුව සඳහා 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විදේශයට යොමු කරනවා.

පෙට් ස්කෑනරය සවි කිරීමට මාසයක පමණ කාලයක් ගත වෙනවා. එයින් ජනතාවට සේවය ලබාදීම මාර්තු මාසයේ සිට ආරම්භ කරනවා. මේ හරහා මාසයකට රෝගීන් 100ක් පමණ ස්කෑන් කිරීමට හැකිවෙනවා. අප මෙම යන්ත්‍රය ගුවන් මගින් ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...