පණ්ඩිත් අමරදේවයන් කළුරිය කරයි

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 05:05 - {{hitsCtrl.values.hits}}  

අසනීප තත්ත්වයක් හේතුවෙන් රොහල් ගත කළ පණ්ඩිත් අමරදේවයන් අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් ජයවර්ධන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු අභාවප්‍රාප්ත වූයේය. අමරදේවයන් දැයෙන් සමුගන්නා විට 88 වැනි වියේ පසුවිය.

1927 වසරේ දෙසැම්බර් මස 5 දා මොරටුවේ උපතලද අමරදේවයන්ගේ මුල් නම වූයේ වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරෙරායි. සිංහල සංගීතය වෙනුවෙන් අනූපමය මෙහෙයක් ඉටුකළ පුද්ගලයන් අතර මුල් තැන අමරදේවයන්ට හිමිය.

මාලදිවයිනේ ජාතික ගීයේ සංගීත නිර්මාපකයා වන්නේද අමරදේවයන්ය. පිලිපීනයේ, ඉන්දියාවේ, ප්‍රංශයේ සම්මානයට පාත්‍ර වී ඇති අමරදේවයන් ශ්‍රි ලංකාවේ දේශමාන්‍ය, කළා කීර්ති ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත.

අමරදේවයන් දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ගායකයෙකු ලෙස මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස අමරදේව මහතා ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටුකළේය. ඔහුගේ ගීත වෙනුවෙන් ලොකු කුඩා සෑම අයෙකුම එක සේ ඇළුම් කරයි. 

Mr Amaradeva

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...