අ.පො.ස. උසස් පෙළ (2017) විභාගයේ අයදුම්පත් කැඳවයි

2024 ඔක්තෝබර් මස 06 ප.ව. 10:56 - {{hitsCtrl.values.hits}}  

2017 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්පත් භාර ගැනීම පසුගිය 23 වැනි දා සිට සිදු කරනු ලබන අතර ලබන පෙබරවාරී 15 වැනි දිනෙන් අයදුම්පත් භාර ගැනීම අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කරයි.

පාසල් අයදුම්කරුවන් සඳහා වන අයදුම්පත් සහ උපදෙස් විදුහල්පතිවරුන් වෙත තැපැල් කොට යවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා වන ආදර්ශ අයදුම්පත සහ උපදෙස් 2017 ජනවාරී 23 වැනි දින ජාතික පුවත්පත්වල පළ කර තිබෙන අතර www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ද ලබාගත හැක.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් සහ පෞද්ගලික අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින් ද නියමිත දිනට විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබීමට සැලැස්විය යුතු බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...