ආපදාවට පත්වූ ජනතාවට සහන දෙන්න - ජනපති

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:28 - {{hitsCtrl.values.hits}}  

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට රට පුරා විවිධ දිස්ත්‍රික්කයන් වෙත බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදා තත්ත්වයන්හිදී මහජනයාගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියලු  ක්‍රියාමාර්ගයන් නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස  ජනාධිපතිතුමා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි නායයෑම්, පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළිම් වැනි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් ආපදා අවම කිරීමට සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වාතාවරණය ඇති කිරීමට හා මහජන සුභසාධනය සඳහා ක්ෂණික පියවර ගැනීමට අදාළ අමාත්‍යාංශයන්හි නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛ උපදෙස් මඟින් මේ වන විට දැනුම් දී ඇත.

මෙම සියලු  කාර්යයන් සම්බන්ධීකරණය හා සමාලෝචනය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකීරීමට ද කටයුතු සලසා තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...