ආපදා කළමනාකරණයට ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:54 - {{hitsCtrl.values.hits}}  

 
විශේෂඥ සහන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ජපාන රජය කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි. විශේෂඥ කණ්ඩායම මෙරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු පාර්ශව සමග සාකච්ඡා පවත්වා මීතොටමුල්ල ඛේදවාචක නැවත ඇතිවීම වළක්වා ගැනීමටත් ආපදා අවදානම් අඩු කරගැනීම සම්බන්ධයෙන් සහාය දීමටත් කටයුතු කරනු ඇතැයි ද ජපාන තානාපති කාර්යාලය කියයි. මෙරට ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් විපතට පත් ජනතාවට බෙදා දීම සඳහා ආධාර තොගයක් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට සංඛේතාත්මකව බාර දුන්නේය. ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඔස්සේ මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. කුඩාරම් 100ක්, නිදන ඇතිරිලි 500ක්, ජල පෙරණ 10ක්, ජල කෑන් 250ක්, විදුලි ජනක යන්ත්‍ර 10ක් ඇතුළු තවත් තාක්ෂණික උපකරණ රැසක් මෙම ආධාර තොගයට ඇතුළත් වෙයි. 

(හර්ෂණ තුෂාර සිල්වා)ලංකාදීප ඇසුරිනි

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...