ආපදා සිසුන්ට වර්ණ ඇඳුමින් පාසලට පැමිණීමට අවස්ථාව

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 04:57 - {{hitsCtrl.values.hits}}  

ආපදා තත්ත්වය පැවැති ප්‍ර‍දේශවල සිසුන් නැවතත් පාසල් පැමිණීමේදී ඔවුන්ට පාසල් නිල ඇඳුම අනිවාර්ය නොවන බවත්, ඒ වෙනුවට තමන් සතු වෙනත් ඇඳුමකින් හෝ සැරසී පාසල් පැමිණීමට අවසර ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

කොළඹදී ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 08 ක  පාසල් දරුවන් විසිපන් දහසකට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජයක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලබාදීමට නියමිතය.

නිල ඇඳුම් කට්ටල 03ක්, පෙළපොත් කට්ටලයක්, සපත්තු කුට්ටමක් සහ අභ්‍යාස පොත් එයට ඇතුළත්ය.

එමෙන්ම ගංවතුර හේතුවෙන් විනාශයට පත්  විභාග සහතිකපත් ලබාදීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

akila

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...