ආබාධිත දරුවන් සහ පුද්ගලයන් වෙනුවෙන් ආයතනික හා ව්‍යවස්ථාපිත පසුබිමක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:54 - {{hitsCtrl.values.hits}}  

ආබාධිත දරුවන් සඳහා වූ ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකසීමට මෙන්ම ආබාධිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් සහ එකඟතාවන් කි‍්‍රයාත්මක කිරීමේදී පවතින අඩු පාඩු මඟ හරවා ගැනීමට අවශ්‍ය ආයතනික හා ව්‍යවස්ථාපිත පසුබිම සකසන බව ජනනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ‘අප හට රිසි වන මතු දින වෙනුවෙන්’ ඉටු කරගන්නෙමු සතළොස් අරමුණු, මැයෙන් සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශයේ සහ ආබාධිත පුද්ගලයන් සඳහා වූ ජාතික සභාවේ මෙහෙයවීමෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය සෑම වසරකම දෙසැම්බර් 03 වනදාට යෙදී ඇති අතර 1992 වසරේ සිට එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් සියලු රටවල එය සමරන අතර ශී‍්‍ර ලංකාව ද අඛණ්ඩව ඊට එක් වෙයි. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීම, අබාධ සහිත පුද්ගලයන්ගේ අභිමානය, අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් අනුග‍්‍රහය දැක්වීම මෙම දිනය සැමරුම් තුළින් අපේක්ෂා කෙරේ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...