ආර්ථික කටයුතු සඳහා යොදා ගත නොහැකි රජයේ ඉඩම් වන වගාවට

2025 අප්‍රේල් මස 22 ප.ව. 04:36 - {{hitsCtrl.values.hits}}  

රජයේ ආයතන සතු එලදායි ලෙස ආර්ථික කටයුත්තකට යොදා ගත නොහැකි ඉඩම් වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ කඩිනම් වන වගා වැඩසටහනට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අතුරින් මේ වන විට ආර්ථික භෝග වගාවලින් තොර හා වන ගහනය 65%ක් ඉක්මවා ඇති සියලුම ඉඩම් හා ශ්‍රී ලංකා කජු සංස්ථාව සතු ඉඩම්වලින් දැනටමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග ආරම්භ කර ඇති මිශ්‍රවන වගා වැඩසටහනේ ප්‍රගතිය අනුව හඳුනාගත් ඉඩම්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලබන වන ආවරණ ඉහළ දැමීමේ කඩිනම් වැඩසටහනයට මේ අනුව යෙදා ගැනීමට නියමිතය.

ඒ අනුව එම ඉඩම් පවරාගැනීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙරට වන ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 29.7%ක් පමණ වන අතර එය 2030 වසර වන විට 32%ක් දක්වා වැඩි කර ගැනීමට රජය ඉලක්ක කර තිබේ. ඒ සඳහා තවත් හෙක්ටයාර් 148000ක් පමණ භූමි ප්‍රමාණයක වන වගවා ව්‍යාප්ත කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් ප්‍රමාණවත් නොවන අතර වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් මෙම වැඩසටහනයට යොදා ගැනීමට අවධානය යොමුව තිබේ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...