ආසියානු පැසිපික් දේශගුණික සමුළුව ශ්‍රී ලංකාවේදී

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:50 - {{hitsCtrl.values.hits}}  

5 වැනි ආසියානු පැසිපික් දේශගුණික සමුළුව ලබන 17, 18 සහා 19 තෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්වෙන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (04) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම සමුළු සඳහා රටවල් 50කින් නියෝජිතයන් 600ක් පමණ සහභාගි වීමට නියමිත බවත් දේශීය නියෝජිතයන් 200ක් සහභාගි වීමට නියමිත බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

තෝරා ගත් තේමාවන් 4ක් ඔස්සේ මෙම සමුළුව පැවැත්වෙන අතර සැසිවාර 35ක් පැවැත්වීමට නියමිතය.

රටේ වන ආවරණය 32%ක දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වන “වන රෝපා“ ජාතික රුක්රෝපණ සටහනට සමගාමීව පසුගිය 01 වැනි දා සිට ලබන 31 වැනි දා දක්වා වන ජාතික වන රෝපණ මාසය ක්‍රියාත්මක කෙරේ. සෑම වර්ෂයක ඔක්තෝම්බර් මාසය වන රෝපා ජාතික රුක් රෝපණ මාසය ආරම්භ කර තිබෙන බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.(Government Information Department)

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...