ආසියා පැසිෆික් ආදි බාලදක්ෂ - බාලදක්ෂිකා සුහද හමුව කොළඹදී

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 09:04 - {{hitsCtrl.values.hits}}  

ජාත්‍යන්තර බාලදක්ෂ හා බාලදක්ෂිකා එකමුතුවේ 15 වැනි ආසියා පැසිෆික් කලාපීය සුහද හමුව 05 දා සිට අනිද්දා (07දා)දක්වා කොළඹ 06, ග්ලෝබල් ටවර්ස් හෝටල් පරිශ්‍ර‘යේදී පැවැත්වේ.

අද රාත්‍රී පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයට, විශේෂ ආරාධිතයන් වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ආදි රැජින බාලදක්ෂ ප්‍රසාද් කාරියවසම් මහතා සහ ආසියා - පැසිපික් ආදි බාලදක්ෂ - බාලදක්ෂිකා එකමුතුවේ සභාපති සතීෂ් කන්නා මහතා ඇතුළුව මෙම සමුළුවට ලියාපදිංචි වූ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන ආදි බාලදක්ෂ බාලදක්ෂිකාවන් 100කට අධික පිරිසක් මෙයට සහභාගිවීමට නියමිතය.

හෙට (06දා) පෙරවරු 9.00ට ඇරඹෙන මෙම හමුවේ නිල සමාරම්භක උළෙලට ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිනි ආදි බාලදක්ෂිකා අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මියද, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ආදි ජනාධිපති බාලදක්ෂ කපිල පෙරේරා මහතාද සහභාගි වෙති.

හෙට පස්වරුවේ ග්ලෝබල් ටවර්ස් ඉහළම මාලයේ පැවැත්වෙන සංස්කෘතික සැඳෑව හා බාලදක්ෂ සමරු වෙළෙඳ සල්පිල ආදි බාලදක්ෂ හා බාලදක්ෂිකා සැමට පොදුවේ විවෘත වන අතර, ඒ සඳහා නොමිලේ සහභාගි විය හැකිය. අනිද්දා (07දා) සමාප්ත සැසිය හා එදින රාත්‍රි‘යේ ආරාධිතයන්ට පමණක් සීමා වූ ගිනිමැල සංදර්ශනයක්ද පැවැත්වෙනු ඇත.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...