ඇමසෝන් ගෝත්‍රික තරුණ දරුවෙකු කොරෝනාවට බිලි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:30 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ ඇමසෝන් වනාන්තරය ආශ්‍රිතව දිවිගෙවන හුදකලා ගෝත්‍රයක යෞවනයෙකු මියයෑමත් සමග, කලාපයේ ආදිවාසීන් කෙරෙහි නව කොරෝනා වෛරසයේ බලපෑම පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.

බ්‍රසීලයේ ඇමසෝන් වනාන්තරය ආශ්‍රිත රෙහෙබේ ගම්මානයේ යානෝමාමි නමැති 15 හැවිරිදි පිරිමි දරුවා බ්‍රහස්පතින්දා මිය ගිය බව බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔහු අපේ‍්‍රල් 3දා සිට රොරයිමා ප‍්‍රාන්තයේ අගනුවර වන බෝවා විස්ටා හි රෝරයිමා මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

බ‍්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී කොවිඩ් -19 සඳහා මෙම දරුවා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ada.lk

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...