ඇමෙරිකාවේ කොරෝනා මරණ 10000 ඉක්මවයි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:00 - {{hitsCtrl.values.hits}}  

කොරෝනා ආසාදනය වූ ඇමෙරිකානුවන් සංඛ්‍යාව 367507ක් දක්වා වර්ධනය වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව දැක්වේ. එසේම ඇමෙරිකාව තුළමේ දක්වා මියගිය සංඛ්‍යාව 10908ක්  බවට වර්ධනය වී තිබේ.

මේ අනුව ඉතාලිය, ස්පාඤ්ඤයට පසුව කොරෝනා මරණ 10000ක් වාර්තා වූ රට බවට ඇමෙරිකාව පත්විය.

සඳුදා දිනයේදී ඇමෙරිකාවේ නව රේගීන් 29887ක් වාර්තා වූ අතර එදින සිදුවූ මරණ සංඛ්‍යාව 1265කි.

ඇමෙරිකාවේ සියලුම ප්‍රාන්තවලින් මේ වන විට කොරෝනා මරණ වාර්තා වන අතරකොරෝනා මරණයක් වාර්තා නොකළ එකම ප්‍රාන්තය වන්නේ වයොමිංය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...