ඇමෙරිකාවේ නවතම ආරක්ෂක ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 05:49 - {{hitsCtrl.values.hits}}  

නාවික ආරක්ෂාව සඳහා දැනට ලෝකයේ පවතින දියුණුම ගුවන් යානයක් වෙන ඇමෙරිකා නාවික හමුදාවට අයත් පී.8ඒ. පැසිඩෝන් ගුවන් යානය ශ්‍රී ලංකාවට පැමිණි බව ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් සමග විශේෂඥ අදහස් හුවමාරු කර ගැනීමට සඳහා මෙම  ගුවන් යානය ශ්‍රී ලකාවට පැමිණ තිබේ.

ඇමෙරිකානු ආරක්ෂක අංශයන්ට අනියුක්ත මුර සංචාර සෙබළුන් කණ්ඩායමක් වන රෙඩ් ලාන්සර්ස් නම් කණ්ඩායම ගුවන් යානය සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇත. පසුගිය දෙසැම්බර් 04දා දිවයිනට පැමිණි යානය නැවතත් දෙසැම්බර් 11දා මත්තල ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් තිබේ.

ජාත්‍යන්තර නාවික මාර්ග ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා නාවික හමුදාව සමග ඇමෙරිකානු ආරක්ෂක අංශ සාමාජිකයන් අදහස් හුවමාරු කරගෙන තිබේ.

බහුකාර්ය ආරක්ෂක ගුවන් යානයක් වශයෙන් සැළකෙන පී.8ඒ. පැසිඩෝන් ගුවන් යානය නාවික ආරක්ෂාව, සෙවීම් හා බේරා ගැනීම්, මත්ද්‍රව්‍ය නාශක කටයුතු, මානුශීය මෙහෙයුම් වැනි විවිධ පරාසයන්හි සේවා සඳහා යොදාගනියි.

නිරෝෂා ප්‍රියදර්ශනී (ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාල වෙබ් අඩවිය ඇසුරෙනි)

P8-Mattala-Rajapaksa-International-Airport-750x422 (1)

P8-Welcome-to-MRIA-350x140

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...