ඇමෙරිකාවේ විරැකියාව සීඝ්‍ර ලෙස ඉහළට

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 07:21 - {{hitsCtrl.values.hits}}  

වොෂිංටන්, (ෂින්හුවා) - එක්සත් ජනපද සේවායෝජකයන්  අප්‍රේල් මාසයේදී සිය සේවකයන්ගේ රැකියා මිලියන 20.5 ක් කපා හැර ඇති අතර ඇමෙරිකාවේ විරැකියා අනුපාතය සියයට 14.7 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව COVID-19 වසංගතය අඛණ්ඩව ඇමෙරිකාව් ආර්ථිකය ගැටලුවට පත්කරමින් සිටින බව එක්සත් ජනපද කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශය සිකුරාදා වාර්තා කළේය.‍ෙ

අප්‍රේල් මාසයේ විරැකියා අනුපාතය මාර්තු මාසයට වඩා සියයට 10.3 කින් ඉහළ ගොස් ඇති අතර එය 1948 ජනවාරියේ සිට මේ දක්වා ඉතිහාසයේ ඉහළම අනුපාතය සහ මාසයට වැඩි විශාලතම වැඩිවීම බව කාර්යාංශය සඳහන් කරයි.

කොවිඩ් 19 ආරම්භ වූ දා සිට ඇමෙරිකාවේ මේ දක්වා මිලියන 33 කට වැඩි පිරිසක් රැකියා විරහිත ප්‍රතිලාභ සඳහා ඉල්ලීම් කර තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...