2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 05:51 - {{hitsCtrl.values.hits}}
කොවිඩ් -19 දිගින් දිගටම එක්සත් ජනපදය පුරා ව්‍යාප්ත වෙමින් පැවැතියත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ප්‍රාන්ත යළි කොටස් වශයෙන් විවෘත කිරීමට මේ වන විට ආණ්ඩුකාරවරුන්ට මග පෙන්වීම් සිදුකර තිබේ.
“නැවත ඇමරිකාව විවෘත කිරීම” යනුවෙන් වන මාර්ගෝපදේශ මඟින් ප්‍රාන්තවලට ඔවුන්ගේ අගුලු දැමීම් ක්‍රමයෙන් ලිහිල් කළ හැකි අදියර තුනක් දක්වා ඇත.
ට්‍රම්ප් මෙහිදී ආණ්ඩුකාරවරුන්ට පොරොන්දු වීයේ ෆෙඩරල් ආණ්ඩුවේ සහාය ඇතිව මෙම ක්‍රියාවලිය තමන් විසින්ම මෙහෙයවන බවයි.
එක්සත් ජනපදය තුළ වෛරසය හේතුවෙන් තහවුරු වූ රෝගීන් 654,301 ක් සහ මරණ 32,186 ක් වාර්තා වී තිබේ.
ට්‍රම්ප් යෝජනා කර ඇත්තේ මේ මාසයේ සමහර ප්‍රාන්ත නැවත විවෘත කළ හැකි බවයි.
බ්‍රහස්පතින්දා පැවති සිය දිනපතා සාකච්ඡාවේදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ “අපේ යුද්ධයේ ඊළඟ පෙරමුණ - නැවත ඇමරිකාව විවෘත කිරීම” යනුවෙනි.
"ඇමරිකාවට විවෘතව සිටීමටත් ඇමරිකානුවන්ට විවෘතව සිටීමටත් අවශ්‍යයි" ඔහු පැවසීය. "ජාතික වසා දැමීමක් තිරසාර දිගුකාලීන විසඳුමක් නොවේ."
දීර්ඝ කාලයක් අගුලු දැමීම මහජන සෞඛ්‍යයට බරපතල හානි පමුණුවන බව ඔහු පැවසීය. මත්ද්‍රව්‍ය භාවිතය, මත්පැන් අනිසි භාවිතය, හෘද රෝග සහ වෙනත් “ශාරීරික හා මානසික” ගැටලු “තියුණු වැඩිවීමක්” ගැන ඔහු අනතුරු ඇඟවීය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |