ඇමෙරිකා සඟරාවක් ලංකාව සංචාරය කිරීමට හොඳම දූපත ලෙස නම්කරයි

2025 අප්‍රේල් මස 12 ප.ව. 01:33 - {{hitsCtrl.values.hits}}  

ඇමෙරිකාවේ Travel + Leisure සඟරාව මගින් මේ වසරේදී සංචාරය කිරීමට ලෝකයේ හොඳම දූපත් රාජ්‍ය 15 අතර ප්‍රථම ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

මෙම සඟරාව විසින් ශ්‍රී ලංකාව මෙම වර්ගීකරණයට ප්‍රථම වරට එක්කර තිබුණත් එහිදී ලෝකයේ සංචාරය කිරීමට හොඳම දූපත් රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබේ.

ශ්‍රී ලංකවේ මුහුදු වෙරළ, ජාතික උද්‍යාන, තේ වගාවන් ඇතුළු පාරිසරික වැදගත් ස්ථාන හා සුපිරි හෝටල් පහසුකම්ද ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

බාලි, මාලදිවයින, ෆිජී, ගලපගොස් දූපත්, හවායි වැනි දූපත් පරජය කරමින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට  පත්ව තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...