ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට SMS මගින්  පිළිතුරු ලියූ සිසුවා අත්අඩංගුවට

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 06:07 - {{hitsCtrl.values.hits}}  

බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකදී ජංගම දුරකථනයකට ලැබෙන කෙටි පණිවුඩ ඔස්සේ ඉංග්‍රීසි විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටි අයදුම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව බලන්ගොඩපොලීසියපවසයි. මෙමඅයදුම්කරුනොවැම්බර් 06දාපැවැති අ.පො.ස. සාමාන්‍යපෙළ ඉංග්‍රීසිප්‍රශ්නපත්‍රයසඳහා පිළිතුරු සපයන අවස්ථාවේදී එමවිභාගමධ්‍යස්ථානයේවිභාගනිරීක්‍ෂණසඳහාසිටිනනිලධාරීන්ටඔහුගේ හැසිරීම පිළිබඳ සැකයක් මතුව තිබේ. පසුව මේ සම්බන්ධයෙන් අදාළ ශාලාධිපතිවරයාට දැන්වීමෙන් පසු සිදු කරන ලද පරීක්ෂාවකදී අදාළ අපේක්‍ෂකයා සිය කකුල් දෙක අතර සඟවා ගෙන සිටි මෙම ජංගම දුරකථනය සොයාගෙන ඇත. අදාළජංගම  දුරකථනයට  කෙටි පණිවිඩ මගින් ඉංග්‍රීසිප්‍රශ්න වලට අදාළ පිළිතුරු  ලැබී ඇති  අයුරු එහිදී තහවුරු කර ගැනීමෙන් පසු මේ සම්බන්ධයෙන් බලන්ගොඩකලාප  අධ්‍යක්‍ෂකවරයාට දැනුම්  දී තිබේ.  ඒ අනුව  කලාප අධ්‍යාපන  කාර්යාලයේ සහකාර විභාග අංශයේ  අධ්‍යක්‍ෂකවරිය මේ සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසියට    පැමිණිලි කර තිබිණි. ඒ අනුව පොලීසිය අදාළ විභාග මධ්‍යස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගොස් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී උපකාරක  පන්ති  පවත්වනබලන්ගොඩ ප්‍රදේශයේම ගුරුවරයෙකු මෙමඅයදුම්කරුට ජංගම  දුරකථනය මගින්  කෙටි පණිවුඩ  මගින් පිළිතුරු එවා ඇතැයි හෙළිව තිබේ. ඒ අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...