ඉටුකම අරමුදලේ ශේෂය තවත් ඉහළට

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 05:52 - {{hitsCtrl.values.hits}}  

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1217 ඉක්මවා තිබේ.

සෝමාවතී රාජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ රුපියල් 500,000ක් අරමුදලට පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා සෝමාවතී පුදබිමට පැමිණි අවස්ථාවේදී එතුමා වෙත පිළිගන්වනු ලැබීය.

නේපාලයේ වෛද්‍ය ශිෂ්‍යයින්ගේ දෙමාපිය සංගමය ප්‍රදානය කළ රුපියල් 1,200,000 ට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.

කොළඹ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය රුපියල් 1,225,000ක් පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත භාර දුන්නා ය.

ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය රුපියල් 50,000ක්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය රුපියල් 25,000ක්, සංචාරක හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා රුපියල් 50,000ක්, L H Piyasena & Company (Pvt) Ltd රුපියල් මිලියනයක්, නාගරික සංවර්ධන, ජල සැපයුම් හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල පරිත්‍යාග වශයෙන් රුපියල් 189,225ක්, අරමුදලට පරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,217,624,295.76 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...