ඉටුකම ගිණුමෙ ශේෂය රු මි 1136

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 07:07 - {{hitsCtrl.values.hits}}  

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1136 ඉක්මවා තිබේ.

Canowin Hotel @ SPAS (Pvt) Ltd ආයතනය රුපියල් මිලියනයක් පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (21) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී.

Mascons (Pvt) Ltd ආයතනය රුපියල් මිලියනයක්, Built Element Ltd ආයතනය රුපියල් මිලියන තුනක්, සිරිල් සමරජීව මහතා රුපියල් 250,000 ක්, Exim House Distributors (Pvt) Ltd රුපියල් 250,000ක්, Exim House (Pvt) Ltd රුපියල් 250,000ක් ටවර් හෝල් රඟහල පදනමේ කාර්ය මණ්ඩලය රුපියල් 90,637.69ක් ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය  රුපියල් මිලියන තුනක් සහ ජේ.පී. දයානන්ද ද සිල්වා මහතා  රුපියල් 100,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,136,968,139.71 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය.

දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...