ඉතාලියෙන් සතුටුදායක තොරතුරක්

2024 නොවැම්බර් මස 18 පෙ.ව. 12:04 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන ඉතාලයෙන් ධනාත්මක ප්‍රවෘත්ති කිහිපයක් පැමිණ තිබේ.

ඉතාලියේ සිවිල් ආරක්ෂණ ප්‍රධානී ඉරිදා රැස්වීමේදී කියා සිටියේ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 525 ක් මිය ගොස් ඇති බවයි. එය මාර්තු 19 න් පසු අඩුම දෛනික සංඛ්‍යාව බවද ඔහු පැවැසීය.

රෝහලේ සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව මෙන්ම දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් සංඛ්‍යාවද අඩුව තිබේ.

ඉතාලිය තුළ මේ දක්වා පුද්ගලයින් 129,000 කට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇති අතර 15,887 දෙනෙකු මියගොස් තිබේ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...