ඉන්ද්‍රාණි සේනාරත්න දිවි මඬල නිම කරයි

2025 අප්‍රේල් මස 22 ප.ව. 04:58 - {{hitsCtrl.values.hits}}  

දෙස් විදෙස් සංගීත රසිකයින්ගේ ජනාදරයට පත්ව සිට ගුවන් විදුලි හා චිත්‍රපට  ප්‍රවීණ ගායන ශිල්පීනි ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අද (23) සවස අභවප්‍රාප්ත වුවාය. 

1936 ජුලි 15 වැනි දා ඇය උපත  ලැබුවාය. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු සහ ගායන ශිල්පියකු වු දිවංගත සිසිර සේනාරත්න මහතාගේ බිරිඳ වු ඇය මිය යන විට 83 වියේ පසුවුවාය. ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුත් මවකි.  

ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ එවකට ප්‍රචාරය වු කරුණාරත්න අබේසේකරයන් මෙහෙයවූ  සරස්වතී මණ්ඩපය තුළින් ඉන්ද්‍රාණි විජේබණ්ඩාර නමින් ළමා ගායිකාවක් ලෙස සංගීත කේෂ්ත්‍රයට පිවිසි ඇය දශක හයකට ආසන්න කාලයක් සිය මයුර හඬින් සංගීත රසිකයන් පිනවුවාය. රේඛාව, ප්‍රවේශම්වන්න, හඳපාන සෙනහස, සුදුසදේ, කළුවලා ඇතුළු චිත්‍රපට රැසක පසුබිම් ගායනයට එක්වෟ ඇය ගුවන් විදුලියේ  ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක්  ලෙසද ගීත රැසක් සංගීත කේෂ්ත්‍රයට දයාද කළාය.

ඇය ගැයු ගීත අතර රතුපාට මල් , වෙසක් කැකුළු අතුඅග හිඳ නටන විලාසේ, ආදරෙයි මම ආදරෙයි, ගයා ගීතයන්, සුදුසඳ එළියේ, හදපානේ මල් පිපුණා, හොඳ හොඳ ළමයින් අපි වාගේ, ඈත අහසේ  යන ගීත වේ. ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (27) දින සිදුකිරීමට නියමිතය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...