ඉන්දීය අගමැතිගෙන් නව ජනපතිට සුබ පැතුම්

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 02:53 - {{hitsCtrl.values.hits}}  

ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරන බවත් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම දෙරට අතර සබඳතා තර කර ගැනීමට  ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තම ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසයි.

"ජනාධිපතිවරණයේදී ඔබේ ජයග්‍රහණය ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතමි.

අපගේ රටවල් දෙක සහ පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා ගැඹුරු කිරීම සහ සාමය, සමෘද්ධිය මෙන්ම අපගේ කලාපයේ ආරක්ෂාව සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

මැතිවරණය සාර්ථකව පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනතාවට මම සුබ පතමි."

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...