ඉලුක්වැව කණිෂ්ඨ විද්‍යාලයට නව ගොඩනැල්ලක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 07:28 - {{hitsCtrl.values.hits}}  

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව ඉලුක්වැව කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු පන්තිකාමර 06කින් සමන්විත නව ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ සිදු විය. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ඉදිකර තිබෙන අංගසම්පූර්ණ ගොඩනැඟිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 106කි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදී සිසු ක්‍රියාකාරකම් නිරික්ෂණය කිරීමට ද එක් විය. 

පොළොන්නරුව මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු සහ දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලදාරින් ද විදුහල්පතිනි කේ.ඒ. රේනුකා කලුගම්පිටිය මහත්මිය සහ ආචාර්ය මණ්ඩලය සිසු දරුවන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...