උපාධි පිරිනමන විදෙස් ආයතන නියාමනය කිරිමට ක්‍රමවේදයක්

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 12:33 - {{hitsCtrl.values.hits}}  

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 500 තුළ ඇතුළත් ශ්‍රී ලංකාවේ උපාධි පිරිනමන විදේශීය විශ්වවිද්‍යාල/උපාධි පිරිනමන ආයතයන් ලියාපදිංචි කිරිමට හා නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

එම ක්‍රමවේදය හඳුන්වාදීම සඳහා නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එවැනි ආයතනවලින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ සිසුන් මෙන්ම විදේශීය සිසුන්ද හදාරීමක් සිදුකරයි.

අදාළ විශ්වවිද්‍යාල/උපාධි පිරිනමන ආයතන ඒවායෙහි මවු ආයතන විසින් ප්‍රතීතණය හා තත්ත්ව ආරක්ෂණය සිදුකරනු ලබයි.

කෙසේ වෙත් එම ආයතනයන් ලංකාවේ උපාධි පාඨමාලාවන් පැවැත්වීමට සුදුසුද යන්න හඳුනා ගැනීමක් හෝ න්‍යාමනය කිරීමක් සිදුනොවන හෙයින් මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...