උසස්පෙළට විශේෂ ආරක්ෂාවක්

2025 අප්‍රේල් මස 22 ප.ව. 12:38 - {{hitsCtrl.values.hits}}  

උසස්පෙළ විභාගයට අයත් ප්‍රාදේශීය එක් රැස්කිරීමේ මධ්‍යස්ථානවලට හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සියල්ලටම පැය 24 පුරාම පොලිස් ආරක්ෂාව යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව විභාග මධ්‍යස්ථානවලට පොලිස් ජංගම රථ, පා මුර සංචාර මගින් පූර්ණ ආරක්ෂාවක් ලබාදෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම තහනම් බවත්, එවැනි කටයුතු සිදුකළහොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කියා සිටියේය.

උසස්පෙළ විභාගයට අදාළව ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 625ක් තිබෙන බවත්, මෙහිදී එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් තිදෙනෙකු බැගින් විභාගය අවසන් වනතුරු යොදවන බවත් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...