ඌව විද්‍යාපීඨය ක්‍රීඩා ගුරුවරුන්ට වෙන්වෙයි

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:59 - {{hitsCtrl.values.hits}}  

ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය ක්‍රීඩා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් පමණක් වෙන් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මේ වනවිට ක්‍රීඩා මෙන්ම ප්‍රාථමික අංශයේ ගුරුවරුන් පුහුණු කිරීම ද ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදු කෙරෙයි.

නමුත් ඉදිරියේ දී පාසල් පද්ධතියට අලුතින් බඳවාගන්නා ක්‍රීඩා උපදේශකවරුන් ද පුහුණු කිරීම ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් සිදුකිරීමට නියමිතය.

එසේම 2017 රජයේ අයවැය යෝජනා මගින් පාසල් දරුවන්ගේ ශාරීරික අධ්‍යාපනය ඉහළ නැංවීම ක්‍රීඩා කුසලතා ඔප් නැංවීම අරමුණු කරගෙන විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...