ඌව වෙල්ලස්සත් 16දා විවෘත කෙරේ

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 06:38 - {{hitsCtrl.values.hits}}  

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මේ මස (16දා)  සිට යළි ආරම්භ කරන බව එහි උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

එම නිසා නේවාසිකාගාර පහසුකම් ලබාසිටින සිසුන් ‌හෙට (14දා) දහවල් 12.00 න් පසුව සිය නේවාසිකාගාරවලට පැමිණෙන ලෙසටද හෙතෙම දන්වා සිටියේය.

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් මාස එකහමාරක පමණ කාලයක් පුරා විශ්වවිද්‍යාලයේ පීඨ මෙසේ වසා දමා තිබූ බව පැවසූ උපකුලපතිවරයා එය අවසන්වීමත් සමග යළිත් විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මෙසේ ආරම්භ කරන බවද පවසා සිටියේය.

ඇල්ල ප්‍රසාද් රුක්මල්

සබරගමු සරසවියේ අධ්‍යයන කටයුතු 15 ඇරඹේ

සරසවි සේවක වර්ජනය තාවකාලිකව අවසන්

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...