‘‘එඩින්බරෝ සරසවියෙන් දුන් ආදී මානවයින්ගේ අස්ථි තැන්පත් කරන්න ආරක්ෂිත තැනක් ඕන‘‘

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:41 - {{hitsCtrl.values.hits}}  

එඩින්බරෝ විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින් පසු වසර 300 ක් පමණ පැරණි ආදිවාසි මානවයන්ගේ හිස්කබල් හතක් සහ ශරීර දෙකකට අයත් අස්ථි කොටස් ආරක්ෂාකාරීව තැන්පත් කිරීම සඳහා දඹාන ආදිවාසී කෞතුකාගාරය නවීකරණය කළයුතු බව ආදි වාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පැවසීය.

මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තුවන බව ආදි වාසි නායකයා සඳහන් කළේය.

මෙම හිස්කබල හා අස්ථි කොටස් මහජන ප්‍රදර්ශනයට තැබීමට අවශ්‍ය ආරක්ෂිත ස්ථානයක් ‍සහ ආදිවාසි කෞතුකාගරය වැඩිදියුණු කිරීමේ වගකීම රජයට ඇතැයිද ආදිවාසි නායකයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකයා මෙසේද පැවසීය.

     ‘‘යටත් විජිත සමයේ මල්ලක දාගෙන ගගෙන් එගොඩ වෙලා මේවා ගෙනිච්චාද දන්නේ නැහැ. නමුත් ආපසු අපිට භාර දෙනකොට ඩෙන්මාර්ක් රටට මාව ගෙන්වලා ඉතා ගෞරවාන්විතව භාරදුන්නා.

ඒ නිසා මේ වගේ වටිනා සංස්කෘතික උරුමයක් මල්ලක දාලා දුම්මැස්සක තියන්න බැහැ.

තවත් හිස්කබල් සහ අස්ථි කොටස් 14000 ක් ඇති බවත් ඒ වාද ඉදිරියේ දී භාරදීමට කටයුතු කරන බවත් ඔවුන් පැවසුවා.

ජාත්‍යන්තර  පරීක්ෂකයන්ට දැන් අපේ රටට ඇවිත් වසර සිය ගණනක් පැරණි ආදිවාසින් පිළිබඳව පරීක්ෂණ කරන්න පුළුවන්.

අපේ විද්‍යාඥයන්ටත් ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයට නොගොස් දඹානට ඇවිත් මේ පරීක්ෂණ  කරන්න පුළුවන්‘‘ යැයිද ආදිවාසි නායකයා පැවසීය

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...