ඕනෑම දුරකථනයක් භාවිතයෙන් නිවසේ සිට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 07:47 - {{hitsCtrl.values.hits}}  

අන්තර්ජාල පහසුකම් සහිත හෝ රහිත ඕනෑම දුරකථනයක් භාවිතයෙන් ගාස්තු රහිතව  නිවසේ සිට තම පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඩයලොග් ආසියාටා සමාගම එක්ව සිටී.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ 1377 දුරකථන අංකයෙන් එකවර සිසු දරුවන් 45ක් දක්වා වූ ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් ඉගැන්වීමේ කටයුතු කිරීමට පාසල් ගුරුභවතුන්ට අවස්ථාව ලැබේ.

මෙම වැඩසටහනට අදාළ පරිගණක මෘදුකාංග ඩයලොග් ආසියාටා සමාගම විසින් සපයා තිබේ. ආරම්භක අදියරේ දී දිවයිනේ පළාත් නවයෙන් තෝරා ගත් පාසල් 100ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහි සමාරම්භක අවස්ථාව ඊයේ (28) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට  ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ හා ඩයලොග් සමාගමේ නිලධාරීන්ගේ එක්ව සිටියහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...