2025 මාර්තු මස 13 පෙ.ව. 11:25 - {{hitsCtrl.values.hits}}
ජෛව සංරක්ෂණ සංගමය සහ කල්පිටය පොලීසිය සහ කන්දකුලිය පොලිස් ඒකකය සංවිධානය කළ කන්දකුලිය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියාදා පැවැත්විණ. කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රණවල ආරච්චි මහතාගේ මෙහයවීමෙන් නාවුක හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තු නිලධාරීන්ගේ ද ප්‍රදේශයේ ධීවර පරීක්ෂක වරුන්ගේ හා ධීවර ප්‍රජාවගේ දායකත්වය මත ඩෙංගු මර්ධනය ද මූලික කර ගනිමින් වෙරළ පවිත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.
පවිත්‍රතා වැඩසටහනට අමතරව පොලිතීන් භාවිතය පිළිබඳව ආචර්ය ලලිත් ඒකනායක මහතා විසින් ප්‍රජාව දැනුවත් කළ අතර ප්‍රජාවගේ පොලීතීන් වෙනුවට පරිහරණය සඳහා රෙදි බෑග් බෙදාදීමක්ද සිදු කරන ලදී.
ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක උප පොලිස් පරීක්ෂක, රනිල් බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක ප්‍රසාද් යන මහත්වරු විසින් වැඩසටහන මෙහෙයවන ලදී.
![]() |
diary Read more... |