කන්නන්ගර මැතිඳු සැමරුම නුගවෙල මැදි විදුහලේ දී

2025 ජනවාරි මස 10 ප.ව. 09:48 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුධාවලිය ලත් හිටපු දේශපාලඥයෙකු, නීතිඥයෙකු වෙන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. (ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර) කන්නන්ගර මහතාගේ 132 වැනි ඡන්ම දිනය හෙටට (13දා) යෙදී තිබේ. 

1884 වසරේ ඔක්තෝබර් මස 13 වැනිදා උපත ලද කන්නංගර මහතා ශ්‍රි ලංකාවේ අධ්‍යාපන සුවිශේෂී සංධිෂ්ඨානයක් වශයෙන් සැලකෙන නිදහස් අධ්‍යාපනය නැතහොත් නොමිලේ අධ්‍යාපනය හඳුන්වා දෙමින් දුප්පත් පවුල්හි දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපනය අයිතිය ලබාදීමට කටයුතු කළේය. එසේම වත්මන් මධ්‍ය විද්‍යාල නිර්මාතෘවරයා වන්නේද කන්නන්ගර මහතාය. 

බලපිටියේදී උපත ලද කන්නන්ගර මහතා ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවෙකි. කන්නන්ගර මහතා 1963 සැප්තැම්බර් මස 23 දා අභාවප්‍රාප්ත වූයේය.

හෙටට යෙදෙන කන්නන්ගර මහතාගේ 132 වැනි ඡන්ම දින සැමරුමේ ප්‍රධාන උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නුගවෙල මධ්‍ය මහා විදුහලේදී පැවැත්වෙයි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

Official_Photographic_Portrait_of_C._W._W._Kannangara_(1884-1969)

 

 

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...