ක්වන්ටාස් ගුවන් සේවය ඉතිහාසය වෙනස් කරයි

2024 දෙසැම්බර් මස 23 ප.ව. 02:22 - {{hitsCtrl.values.hits}}  

 

මෙල්බර්න් (රොයිටර්) - ඕස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටස් ගුවන් සේවය ඇරෙමිකාවේ නිව්යෝක් සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි දක්වා නොනවතින ගුවන් ගමනක් දියත් කරමින් ලෝකයේ දිගම ගුවන් ගමනට හිමි වාර්තාව පිහිටවීය.

අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කළ මෙම ගුවන් ගමනට පැය 20කට ආසන්න කාලයක් ගතව තිබුණි.

මගීන් හා කාර්ය මණ්ඩලයේ 50 දෙනෙකු ගමන් ගත් මෙම ගුවන් ගමන වෙනුවෙන් බෝයිං 787-9 ඩ්‍රීම්ලයිනර් යානයක් යොදා ගත්තේය.

මෙම ගුවන් ගමනේ දුර කිලෝමීටර් 16,200 (සැතපුම් 10,066) ක් වූ අතර එය නිමකිරීමට පැය 19 විනාඩි 16 ක් ගත විය.

මෙම ගුවන් ගමයේ ඉලක්කය වූයේ පර්යේෂකයන් කණ්ඩායමක් සමඟ දත්ත රැස් කිරීම, ආලෝකය, ක්‍රියාකාරකම්, නින්ද සහ මගීන්ගේ පරිභෝජන රටාවන් සහ කාර්ය මණ්ඩල මෙලටොනින් මට්ටම නිරීක්ෂණය කිරීම  කළ අතර ගුවන් නියමුවන්ගේ මොළයේ තරංග රටා ද ඔවුන් නිරීක්ෂණය කළහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...