කාලගුණය වාර්තා නිවැරදිව කියන්න ඇමෙරිකාවෙන් උදවු

2025 ජනවාරි මස 10 ප.ව. 02:00 - {{hitsCtrl.values.hits}}  

කාලගුණික තොරතුරු වඩාත් විධිමත්ව ප්‍රකාශ කළ හැකි පද්ධතියක් ස්ථාපිත කිරීමට සහයෝගය දැක්වීමට ඇමරිකාවේ නොට්‍රිඩෑම් විශ්වවිද්‍යාලය එකඟගත්ව පළ කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම විශ්වවිද්‍යාලය සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව එකඟත්ව පළ කර තිබේ.  ගිවිසුමේදී කාලගුණික බලපෑම් නිසා ශ්‍රී ලංකාවට සිදුවන මානව ආපදා කළමනාකරණය කරගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව මෙම සහයෝගය හිමිවේ. ශ්‍රී ලංකාව තුළ ‘අන්තර් මෝසම් උච්චාවචනය’  නමින් නව ව්‍යාපෘතියක් විශ්ව විද්‍යාලය මගින් ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර තිබේ. වර්ෂාපතනය, උෂ්ණත්ව වෙනස්වීම්, ආද්‍රතාව, සුළං හැමීම, සාගරයේ උණුසුම් හා ශීත දියවැල් ගලායාමේ දිසා හා වේගය ඇතුළු සමස්ත කාලගුණ වෙනස්කම්වලට බලපාන සියලු කරුණු සම්බන්ධයෙන් පුර්ව අනාවැකි පළ කළ හැකි පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

නොට්‍රිඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හරීන්ද්‍ර ජේ.එස් ප්‍රනාන්දු  මහතා මෙම ව්‍යාපෘතිය බාරව කටයුතු කරන අතර නාරා ආයතනය සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි. ලබන වසරේ ආරම්භ වන මෙම ව්‍යාපෘතිය 2020 වසර වන විට අවසන් කිරීමට නියමිතය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...