කැලණියෙන් කොරියා භාෂාව නොමිලයේ

2024 ඔක්තෝබර් මස 07 ප.ව. 12:49 - {{hitsCtrl.values.hits}}  

කොරියන් භාෂා තරග විභාගයට අදාළව  විධිමත් ක්‍රමවේදයක් යටතේ නොමිලයේ කොරියන් භාෂාව අන්තර්ජාලය හරහා ඉගෙනගැනීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලය පහසුකම් සලසා ඇතැයි එම විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා පැවසීය. කැලණිය විශ්වවිද්‍යාලයේ www.kln.ac.lk වෙබ් අඩවියේ සේවා මෙනුව (services) වෙත පිවිසීමෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට හා එම ප්‍රශ්න පත්‍රවලට අන්තර්ජාලය තුළම පිළිතුරු සපයා ඒවායේ නිවැරදිභාවය පරීක්ෂා කිරීමට හැකියාව ලැබෙන බවද ඒ මහතා කියා සිටියේය. පාඨමාලාවේ විෂය නිර්දේශයට අදාළ සියලු පාඩම් මාලා මෙම වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙන බව කී රාජපක්ෂ මහතා  පාඨමාලාවට අදාළ දේශනවල වීඩියෝ නැරඹීමේ හැකියාව තිබෙන බවත්,විමසීම් සදහා 0112903539/01122903196 යන අංක අමතන ලෙසත් පවසා සිටියේය.ada.lk

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...