කැලණි සරසවියේ කෞතුකාගාරයක් ස්ථාපිත කෙරේ

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 07:17 - {{hitsCtrl.values.hits}}  

කැලණිය විශ්ව විද්‍යාලයට වසර 60ක් සැපිරීම නිමිත්තෙන් ප්‍රධාන පුස්තකාලයට අනුබද්ධව කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර ඇත. ඒ අනුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා කැලණිය විද්‍යාලංකාර පිරිවෙන, විද්‍යාලංකාර මණ්ඩපය, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය හෝ කැලණිය විශ්ව විද්‍යාලයට හෝ අයත් තොරතුරු මූලාශ්‍ර කැලණිය විශ්ව විද්‍යාලය වෙත පිරිනමන්නැයි පාලනාධිකාරිය මහජනතාවෙන් ඉල්ලා සිටී.

පෞරාණික මෙන්ම කෞතුක වටිනාකමකින් යුතු තොරතුරු මූලාශ්‍ර හෝ භාණ්ඩ පරිත්‍යාග කිරීමට ප්‍රථමයෙන් එම මූලාශ්‍රවල ඡායාරූප librarian@kln.ac.lk විද්‍යුත් ලිපිනයට එවැන්නයි ද කැලණිය විශ්ව විද්‍යාලය කියා සිටී. තොරතුරු මූලාශ්‍ර හෝ භාණ්ඩ විශ්ව විද්‍යාලයට රැගෙන ඒමටත්, එහි පරිත්‍යාග කරන්නාගේ නම ප්‍රදර්ශනය කිරීමටත්, පරිත්‍යාගය අගය කිරීම සඳහා සහතිකයක් නිකුත් කිරීමට කැලණිය විශ්ව විද්‍යාලය කටයුතු යොදා ඇත.

011 2 903 218 සහ 071 482 3521 යන දුරකතන අංකවලින් වැඩි විස්තර ලබාගත හැකිය

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...