කිසිදා පාසල් නොගිය දරුවන් සිටීනම් හොඳම පියවර ගන්න

2025 අප්‍රේල් මස 22 ප.ව. 04:32 - {{hitsCtrl.values.hits}}  

කිසිදා පාසල් නොගිය දරුවන් ගැන දැනගත් වහාම හොඳම පියවර ගැනීමට නිලධාරීන්ට බාධාවන් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම්, පෙළපොත් හා සුරක්ෂා රක්ෂණය පිරිනමමින් නිදහස් අධ්‍යාපනය අර්ථවත් කොට තිබෙන වකවානුවක පාසල් යායුතු වයසේ දරුවන් නිවෙස් හි සිටිතියි පළවන ජන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්  අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමු කර ඇති බවයි.

ලංකාවේ සෑම දරුවෙකුට ම පාසල් අධ්‍යාපනය අනිවාර්ය කොට තිබෙන්නක් බව ගම් මට්ටමේ කටයුතු කරන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයෝ  පවා දැන සිටිය යුතු සරළ කරුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

දරිද්‍රතාවය හෝ වෙනත් හේතු නිසා හෝ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබාදීමට නොහැකි තත්ත්වයේ පසුවන මවුපියන් වෙතොත් ඔවුන් හඳුනා ගෙන අවශ්‍ය සුදුසු පියවර ගැනීම ගම්බද සේවය කරන නිලධාරීන්ගේ රාජකාරියේ කොටසක් විය යුතු නොවේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

පාසල් නොයන දරුවන් කවුරුන්දැයි සැක හැර හඳුනා ගන්නේ නම් ඒ බැව් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීම මගින් ඔවුනට සුදුසු පාසලක් ලබාදීම සඳහා කටයුතු කිරීමේ හැකියාවක් තිබෙන බවත් පෙන්වා දුන්නේය.

පාසල් යායුතු වියේ පසු වුවත් කිසිදා පාසල් නොගිය දරුවන් සිටින බව ජන මාධ්‍යයෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ වාර්තා වූ වහාම ඔවුන් පාසලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය හොඳම පියවර ගැනීමට නිලධාරීන්ට කිසිම බාධාවක් නැති බවත්, ඒ සඳහා ඔවුනට පූර්ණ අයිතියක් ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...