කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන් ඉන්දීය වෛද්‍යවරුන්ට ජනතාව පහරදෙයි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:05 - {{hitsCtrl.values.hits}}  

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ඉන්දියාවේ ඇතැම් ප්‍ර දේශවල ජනතාව පහරදෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම හරහා වෛද්‍යවරුන්ටද කොරෝනා ආසාදනය වෙනු ඇතැයි යන බිය හේතුවෙන් මෙසේ වෛද්‍යවරුන්ට පහරදෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පසුගිය සතියේ දීමධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මැර පිරිසක් කොරොන රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකු ගල්වලින් පහර දී තිබේ.

බටහිර ගුජරාට් ප්‍රාන්තයේ සූරත් නගරයේ වෛද්‍යවරියකට ඇගේ අසල්වාසීන් වසින් හිරිහැර කර තිබේ.

නවදිල්ලියේ අගනුවර වෛද්‍ය කාර්ය මණ්ඩලයද මෙවැනි අත්දැකීම් සඳහා මුහුණ දී ඇති අතර ඔවුන්ට තර්ජනද සිදුකර තිබේ. එසේම ඇතැම් වෛද්‍යවරුන්ට වෙනස්කොට සලකන බවත් ඔවුන්ගේ විදුලිය විසන්ධි කරන බවට තර්ජන කර ඇති බවත් වෛද්‍යවරුන් පවසයි.

"අර්බුදකාරී මේ අවස්ථාවේදී වෛද්‍යවරුන් සහ හෙදියන් සුදු ඇඳුම් ඇඳීම දෙවියන්ගේ ස්වරූපයකි. ඔවුන් අපව බේරා ගැනීම සඳහා අනතුරට පත්ව සිටියි. මිනිසුන්ට අයහපත් ලෙස සලකන ආකාරය ඔබ දුටුවහොත් එහි ගොස් ඔවුන්ට අවබෝධයක් ලබා දෙන්න.

වෛද්‍යවරුන්, හෙදියන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය අපගේ ජීවිත බේරා ගනී. අපට කිසි විටෙකත් ඔවුන්ගේ ණය ආපසු ගෙවිය නොහැක." යැයි අගමැති නරේන්ද්‍ර මෝදි මාර්තු 25 දා පැවසීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...