කොරෝනා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේදී ලංකාව ලෝකයේ 9 වැනි තැනට

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 09:09 - {{hitsCtrl.values.hits}}  

COVID-19 වසංගතය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය සහ එහි සෞඛ්‍ය පද්ධතියේ සූදානම කෙතරම් කාර්යක්ෂම හා ඵලදායීද යන්න ඇගයීමට ලක් කරන බෝවන රෝග සඳහා වන ගෝලීය ප්‍රතිචාර දැක්වීමේ දර්ශකය ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය ලෝකයේ රටවල් අතර 9 වන ස්ථානයට නම්කර තිබේ.

බෝවන රෝග සඳහා ගෝලීය ප්‍රතිචාර (GRIDTM) දර්ශකය සංවර්ධනය කිරීම සඳහා සෑම රටකම පෙන්නුම් කරන ප්‍රතිචාරය සහ නායකත්වය ඇගයීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය (ICMA) නම්කර තිබේ.

ශ්‍රී ලංකාව දර්ශකයේ 9 වන ස්ථානයට පත්ව ඇති අතර හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය සහ තායිවානය සමඟ ස්ථානයක පසුවෙයි.

මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව පිළිබඳ හඳුන්වාදීමේ දී, වුහාන් හි කොරොන වයිරසය මූලාරම්භය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඇති විය හැකි අනතුර වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සුපරීක්ෂාකාරීව කටයුතු කළ බව සඳහන් වෙයි.

නවසීලන්තය, සිංගප්පූරුව, අයිස්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ ෆින්ලන්තය පිළිවෙලින් හොඳම රටවල් 5 අතරට පැමිණ ඇත.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...