කොවිඩ් ලක්ෂණ පෙන්වන සුනඛයෙක් PCR පරීක්ෂණයකට

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 06:56 - {{hitsCtrl.values.hits}}  

ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ පදිංචි දැනට කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රථිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ නිවෙසේ සුරතලයට ඇති දැඩි කළ සුනඛයෙකු කැස්ස ඇතුළු සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් ගම වටා ඇවිදිමට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මේ පිළිබදව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතාගෙන් කළ විමසිමේදි  ඔහු පවසා සිටියේ සුදුවැල්ල ප‍්‍රදේශයේ එක් නිවෙසක පුද්ගලයෙකු ගෙවුණ සතියේ කෙරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් එම පුද්ගලයා කොළඹ අයි.ඞී.එචි රෝහලට ඇතුලත් කළ බවයි.

එසේම නිවැසියන් සියලු දෙනා නාවුක හමුදාවේ ඔලුවිල් නිරෝධානය මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කළ බවත් මේ තතත්වය නිසා එම නිවෙසේ ඇති දැඩි කළ සුනඛයා මෙසේ සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් තැනින් තැන ගමන් කරමින් සිටින බවත් ඔහු පැවැසීය. 

මේපිලිබදව දැනටමත් වැලිසර පශු වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය නිලධාරි දමිමි සුභවික‍්‍රම මහත්මිය දැනුවත් කොට ඇති අතර වහාම සුනඛයා පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කිරිමට කටයුතු කිරීමට නියමිතය.

තිස්ස කොටින්කඩුව

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...