කොළඹ ජනප්‍රිය පාසල්වල සිසුන් බියට පත්කර සිදුකරන අන්තර්ජාල ළමා අපචාර

2025 අප්‍රේල් මස 21 ප.ව. 08:27 - {{hitsCtrl.values.hits}}  

අන්තර්ජාලය හරහා සිදුකරන ළමා අපචාර පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන අංශය කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමාජ ජාල හරහා සකස් කරන ව්‍යාජ whatsapp, instagram, face book හා snapchat ගිණුම් හරහා කොළඹ හා ඒ අවට ජනප්‍රිය පාසල්වල පිරිමි ළමුන් රැවටීමට ලක්කර ඇති බව පොලීසිය පවසයි.

කාන්තාවක් හෝ පිරිමි පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් සැකකරු මෙම රැවටීම සිදුකර ඇති අතර පසුව ඔවුන් බියට හා ත්‍රාසයට පත්කොට තර්ජනය කර ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන පසුව ඒවා දේශීය හා විදේශීය අසභ්‍ය වෙබ් අඩවි වෙත ලබාදෙන බවට අණාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...