ගහින්ගේ රොකට්ටුව ගුවන් හමුදා සංවත්සර ප්‍රදර්ශනයට

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 12:18 - {{hitsCtrl.values.hits}}  

ගුවන් හමුදා 68 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස්පෙළ හදාරණ ගිහාන් හෙට්ටිආරච්චි නිර්මාණය කළ රොකට්ටුව ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

එම ප්‍රදර්ශනය මාර්තු මස 2 දා සිට 6 දා තෙක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාවේ පාසල් සිසුවෙක් විසින් නිර්මාණය කළ පළමු රොකට්ටුව මෙය ලෙසට සැළකෙන අතර එය වැඩි දියුණු කිරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ආධාර කළේය.

එසේම එය වැඩිදියුණු කර ගුවන් ගත කිරීම සඳහා ගුවන් හමුදාවේ සහාය ලබාගැනීමට අවශ්‍ය කටයුතුද ජනපති මැදිහත්වී සිදුකරන ලදී.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...